32 C
Colombo
Wednesday, April 2, 2025

ක්ලබ් සිද්ධිය රටම දැනගත්තේ යෝෂිත නිසා – තිස්සකුට්ටි

- Advertisement -

කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ සිද්ධිය රටම දැනගත්තේ යෝෂිත රාජපක්ෂ යන නම එම සිද්ධියට අදාළ වූ නිසා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, කෙසේ නමුත් රාත්‍රී සමාජ ශාලාවල එවැනි ගැටුම් නිතර ඇතිවන බවත් යෝෂිත රාජපක්ෂ එම සිද්ධිය වූ ස්ථානයේ සිටි බවට තමා දුටුවේ නැති බවයි.

එමෙන්ම යෝෂිත රාජපක්ෂ කිසිදා දේශපානලයට සම්බන්ධ නොවූ කෙනෙකු බැවින් මෙම ගැටුම්කාරි සිද්ධිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අදාළ කාරණාවක් නොවන බවයි තිස්ස කුට්ටිආරච්චි පවසන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස කුට්ටිආරච්චි මහතා :

“මං හිතන්නේ ක්ලබ් එකක ගිහිල්ලා පොඩි සිද්ධියක් ඇතිවුණාම, ඒක යෝෂිත රාජපක්ෂ කියන නම එතන ගෑවුන නිසා තමයි රටම ලෝකය දැනගත්ත සිද්ධියක් බවට පත්වෙන්නේ. ක්ලබ්වල සමහර වෙලාවලට ගහගන්නවා ක්ලබ්වල ප්‍රශ්න ඇති වෙනවා, වචන හුවමාරු වෙනවා මිත්‍රයෝ මිත්‍රයෝ ගහගන්නවා,මිත්‍රයෝ අතර ප්‍රශ්න සිදුවෙනවා. ඕක ක්ලබ් වල විතරක් නෙමෙයි,sport meet වලත් සිදුවෙනවා.හන්දියක් ගානෙත් සිද්ධ වෙනවා. එහෙමයි කියලා යෝෂිත රාජපක්ෂ මහතා එතන ඉන්නවනම් මම දැක්කේ නැහැ. ඔහු එතැනට ගිහිල්ලා එතන ඉන්න අයත් එක්ක ගහගෙන එතන විශාල ප්‍රශ්නයක් වුණා නම් ඒක නීති ගැටලුවක් නම් ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා තමයි අපි රජයට සහ අදාළ නිලධාරීවරුන්ට මතක් කරන්නේ. ඒවගේම තමයි මේකෙ දේශපාලන කාරණාව කිසිම දවසක යෝෂිත රාජපක්ෂ දේශපාලනයට ආපු පුද්ගලයෙක් නෙවෙයි. නාමල් රාජපක්ෂ තමයි මේ වන විට දේශපාලනයේ ඉන්නේ රාජපක්ෂ පරපුරේ. එනිසා මං හිතන්නෙ නෑ නාමල් රාජපක්ෂගේ දේශපාලනයට ඒක අදාළ කාරණයක් වෙයි කියලා”


RECENT ARTICLES - SINHALA

සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්   

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කර...

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාර්තු...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එහි මිල...

POPULAR ARTICLES

සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්   

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කර...

අමෙරිකානු ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වද්දී, මැදපෙරදිග කලාපයේ සිය යුද ශක්තිය ඉහළ නැංවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මේ නිසා මැදපෙරදිග...

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුව ගැන යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ යෝජනාව අප්‍රේල් 8 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත්...