ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා පවසනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා අද (25) ප්‍රකාශ කළේ අනතුරට හේතුව සෙවීම සඳහා පත්කළ සත් පුද්ගල කමිටුවේ වාර්තාව මේ දක්වා නිකුත් කර නොමැති බැවින් ගුවන් අනතුරට හේතුව තවමත් ප්‍රකාශ කළ නොහැකි බව යි.
මෙවන් පසුබිමක් තුළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පුහුණු වීම් අතරතුර සිදුවූ අත්වැරදීමක් පුහුණු ජෙට් යානය කඩාවැටීමට හේතුවී ඇති බව පවසා තිබෙනවා.
ඒ පසුගිය ඉරිදා අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවකට එකවෙමිනුයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් වාරියපොළ ප්‍රදේශයට පසුගිය මාර්තු 21 වනදා කඩා වැටුණා.
අනතුරට හේතුවූ කරුණු සෙවීම සඳහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත සත් පුද්ගල කමිටුවක් පත්කළා.