29.1 C
Colombo
Sunday, March 30, 2025

අලුත් අවුරුදු සමයේ හාල් මාෆියාවක්

- Advertisement -

සම්බා සහ කීරි සම්බා සහල් සම්බන්ධයෙන් දැඩි වෙළඳ මාෆියාවක් පවතින බව සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ශන රුක්ෂාන් පවසනවා.

ඔහු පවසන්නේ, අලුත් අවුරුදු සමය ඉදිරියේ ඔවුන් වෙළඳපොලේ දැඩි සහල් හිගයක් මවා පෙන්වන බවයි.

පාලන මිල ඉක්මවා ඇතැමුන් දැනටමත් සහල් විකිණීම සිදුකරන බවත් එම මිලත් ඉක්මවා සහල් විකිණීමේ අරමුණෙන් මෙසේ කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම මිල මාෆියාව ඉදිරියට ක්‍රියාත්මක වුවහොත් ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, නාසිගුරාන් වැනි සහල් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ.

මේ අනුව අවම වශයෙන් රු.25කින් පමණ මිල ඉහළ දැමීමට සිදුවනු අති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් අදහස් දක්වමින් පවසන්නේ මෙම ගැටලුව නිසා සහල් ආශ්‍රිත කැඳවල සිට සියලු ආහාරවල මිල ඉහළ දැමීමට කටයුතු කරන බවයි.

එමෙන්ම පවතින සහල් මාෆියාව හමුවේ ස්වයං රැකියා ලාභීන්,පාරිභෝගිකයින් ඇතුලු සියලු ජනතාව අපහසුතාවට පත්ව සිටින බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

විජේදාස දේශබන්දුට කඩේ ගිහින්

වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී...

POPULAR ARTICLES

දේපළ බදු හා කුලියට දීමේ මුද්දර ගාස්තුව ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. අප්‍රේල් මස පළමු වන දින සිට...

සාමන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව, පළමු අදියරයේ උත්තර...

චීනයෙන් මියන්මාරයට කෝටි 10ක මානුෂීය ආධාර

පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබෙනවා. උද්ගතව ඇති දුෂ්කර තත්ත්වය හමුවේ...