එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඊයේ (25) දහවල් කාලයේ එප්පාවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.
ඝාතනය වූ භික්ෂුව වයස අවුරුදු 69ක් වූ කිරලෝගම ප්‍රදේශයේ පිහිටි අසපුවක වැඩ වාසය කර තිබෙනවා.
මරණයට පත් හිමිනම බැහැදැකීමට පැමිණි පුද්ගලයෙකු හා වෙනත් විහාරස්ථානයක හිමිනමක් මෙම ඝාතනය දැක ඒ පිළිබඳ පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසනවා.
අනතුරුව පොලීසිය විසින් විමර්ශන සිදුකර ඇති අතර එහිදී මියගිය හිමිනමට ත්‍රිරෝද රථයක් හා රියදුරෙකු සිට ඇති බවත්, මෙම රියදුරු දැනට අසපුව තුළ නොමැති බවට අනාවරණය වී තිබෙනවා.
අදාළ ත්‍රිරෝද රථ රියදුරු පිළිබඳ තොරතුරු මේ වනවිටත් අනාවරණය වී නොමැති බව වාර්තා වනවා.
මෙම ඝාතනය සිදුකළේ කවුරුන් විසින් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසනවා.
මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු අනුරාධපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.