32 C
Colombo
Wednesday, April 2, 2025

මැතිවරණ කොමිසමෙන් කාර්යාල ලොක්කන්ට පණිවිඩයක්

- Advertisement -

මැතිවරණ සමයේදී ගන්නාවූ තීරණ දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු අමාත්‍යාංශ වලට සහ රාජ්‍ය ආයතන වලට දැනුම් දී තිබෙනවා.

එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසුවේ, සමහර අමාත්‍යාංශ සමහර තීන්දු මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් නොදී කටයුතු කර ඇති හෙයින් මෙම පියවර ගත් බවයි.

කොමිසම පසුව ඒ පිළිබඳව දැනුම්දී එම වැරදි නිවැරදි කළ බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතන ගන්නා වූ ඇතැම් තීරණ නිදහස් හා ස්වාධීන මැතිවරණයකට බාධා විය හැකි හෙයින් කොමිසම මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය දේපළ පරිහරණය වැළැක්වීම සඳහාද ඉදිරියේදී රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදීමට නියමිතව ඇති බව මෙම කොම්ෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාර්තු...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එහි මිල...

රාජාංගනයේ සද්ධාරතන හිමි සංඝභාවයෙන් නෙරපා හරී

රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙනවා. ඊට අදාළ නියෝගය ලිඛිතව ආරක්ෂක අමාත්‍යාංශය , බුද්ධශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන...

POPULAR ARTICLES

අමෙරිකානු ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වද්දී, මැදපෙරදිග කලාපයේ සිය යුද ශක්තිය ඉහළ නැංවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මේ නිසා මැදපෙරදිග...

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුව ගැන යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ යෝජනාව අප්‍රේල් 8 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත්...

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාර්තු...