32 C
Colombo
Wednesday, April 2, 2025

කච්චතිව් අයිතිය ගැන නඩුව

- Advertisement -

කච්චතිව් දූපත පවරාදීම සම්බන්ධයෙන් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව අභාවප්‍රාප්ත හිටපු අභියෝගක පෙත්සම්කරු ලෙස තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි වෙනුවට ඩී. එම්. කේ. පක්ෂ නායක ටී. ආර්. බාලු පත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

මෙම නියෝගය ඊයේ (25) දිනයේදී නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

1974 වසරේ ජුනි මස 26 සහ 28 යන දිනවල ඇති කරගත් ගිවිසුම් සහ 1976 වසරේ මාර්තු 23 වනදා ඇති කරගත් තවත් ගිවිසුමක් හරහා කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට භාරදීමට සම්බන්ධ සන්නිවේදනයන් ව්‍යවස්ථා විරෝධී සහ අවලංගු බවට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මූලික කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර තිබෙනවා.

අදාළ මූලික කරුණු ඉදිරිපත් කිරීම වෙනුවෙන් අගවිනිසුරු සංජීව් කන්නාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කර තිබෙන බව සඳහන්.

ඒ අනුව අදාළ නඩුව 2025 සැප්තැම්බර් 15 වනදා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා. ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය...

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...

සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්   

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කර...

POPULAR ARTICLES