28.6 C
Colombo
Wednesday, April 2, 2025

නුවරඑළිය තැපැල් කන්තෝරුව ගැන රජයේ සැලසුම

- Advertisement -

තැපැල් සේවා පවත්වාගෙන යන අතරතුර නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තයට අවශ්‍ය ලෙස සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලින් ඉවත් කර විකිණීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මින් පෙර සැලසුම් කර තිබුණා.

මේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බවත්, අදාළ නිසි ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සංචාරක මණ්ඩලයේ ද තාක්ෂණික සහාය ලබා ගනිමින් ඉදිරියේ දී කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම්දීම සිදු කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම ක්‍රියාවලිය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ මෙන් ම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ද පූර්ණ සහයෝගය ලබා ගැනීමට ද රජය බලාපොරොත්තු වන බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...

වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු...

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට්...

POPULAR ARTICLES

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...