28.6 C
Colombo
Wednesday, April 2, 2025

දේශබන්දුට එරෙහිව ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට

- Advertisement -

බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අදාළ පරිපුරකයට ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම යෝජනාව ඉදිරයේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවකදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

එලෙස සාකච්ඡාවට ගත් යෝජනාව දින 05කට පසු පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීක් සිදුකරනු ලබනවා.

එහිදී එම යෝජනාවට මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ ඡන්දයකින් සම්මත කර ගත යුතුව තිබෙනවා.

ඉන්පසු සම්මත වූ එම යෝජනාව සම්බන්ධයෙන් කථානාකවරයා විසින් විමර්ශන කමිටුවක් පත් කරනු ලබනවා.

එම විමර්ශන කමිටුවේ තීරණය කථානායකවරයා වෙත දැනුම්දීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 115 දෙනෙකුගේ අත්සන් ලබාගෙන කථානායකවරයා වෙත ඊයේ (26) භාර දුන්නා.

මෙහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා 27ක් එල්ලකර තිබෙනවා.

රාජකාරි කටයුතු අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

ඒ 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට මාර්තු 19 වන දින මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණා.

RECENT ARTICLES - SINHALA

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...

වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු...

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට්...

POPULAR ARTICLES

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...