28.6 C
Colombo
Wednesday, April 2, 2025

CCD නිලධාරීන් 6 දෙනෙක් පෙත්සම් ඉල්ලා අස්කර ගනී – නෙවිල් සිල්වා ගැන තීරණය දීර්ඝ කෙරේ

- Advertisement -

මාතර, වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් පෙත්සම් ගොනු කර තිබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ඇන්ස්ලම් සිල්වා ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු අදාළ පෙත්සම් ඉල්ලා අස් කරගෙන තිබෙනවා.

එම පෙත්සම්,  තවදුරටත් පවත්වාගෙන යාමට තමන්ට අවශ්‍ය නොවන බැවින්  ඒවා ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙස අද (26) එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.

මාතර, වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව  අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් 8 දෙනකු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී, කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ඇති කරගෙන තිබෙන එකඟතාවය නීතිපතිවරයාගේ විරෝධතාවයට යටත්ව අප්‍රේල් මස 28 වනදා දක්වා දීර්ඝ කරන බවට අභියාචනාධිකරණය අද නියම කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා සහ ජගත් නිශාන්ත යන පෙත්සම්කරුවන්ගේ පෙත්සම් වැඩිදුර ලේඛන ඉදිරිපත් කොට තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය දැඩි විරෝධය පළ කළ අතර මෙම පෙත්සමට ඇතුළත්ව සිටි පෙත්සම්කරුවන් හය දෙනෙකු ඒවා මේ වනවිටත් ඉවත් කරගෙන ඇති නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට ඇය තර්ක කර සිටියා.

එමෙන්ම මෙම නඩුකරයට පාදක වන මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ පූර්ණ වාර්තාව මෙම අධිකරණයට ඉදිරිපත් කරන බවට පෙත්සම්කරුවන් මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණත් එය මේ දක්වා ඉදිරිපත් කර නොමැති බවත් ඒ අනුව පෙත්සම්කරුවන් කරුණු වසන් කිරීමක් සිදුකර ඇති බවත් ඇය පවසා සිටියා.

ඒ අනුව අධිකරණය හමුවේ විධිමත් පෙත්සමක් නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාතර නඩු වාර්තාව ලබා ගැනීමේ ප්‍රමාදයක් හටගත් බවත් එම තොරතුරු සම්පූර්ණ ලේඛන ඉදිරිපත් කර කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අප්‍රේල් මස 28 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළා.

RECENT ARTICLES - SINHALA

තරුණයින් පිරිසක් මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ අද (02) පෙරවරුවේ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී...

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

POPULAR ARTICLES