32 C
Colombo
Wednesday, April 2, 2025

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

- Advertisement -

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා.

‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත්කර, දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත් වූ අතර, එහිදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරුණා. 

ඉන් අනතුරුව නඩුව වැඩිදුර විභාගය ජූනි මස 23 දක්වා කල්තැබීමට විනිසුරුවරයා නියම කළා.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙඳවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනාකර, අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්   

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කර...

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාර්තු...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එහි මිල...

POPULAR ARTICLES

සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්   

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කර...

අමෙරිකානු ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වද්දී, මැදපෙරදිග කලාපයේ සිය යුද ශක්තිය ඉහළ නැංවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මේ නිසා මැදපෙරදිග...

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුව ගැන යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ යෝජනාව අප්‍රේල් 8 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත්...