28.6 C
Colombo
Wednesday, April 2, 2025

සමුපකාරය දියුණු කරන්න කැබිනට් අනුමැතිය

- Advertisement -

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

1949 අංක 47 දරණ සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පහක් පරිච්ජින්න කර, එම ආයතනය ඈවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා.

රජය පවසන්නේ, “පොහොසත් රටක් -ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුවට අනුව  වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම මඟින් මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින් වෙළෙඳ පොළ මෙහෙයුම් තුළ රජයේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සමුපකාර වෙළෙඳ සංස්ථාවට තීරණයත්මක කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතින බවයි.

එබැවින්, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර ආරක්ෂිතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...

වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු...

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට්...

POPULAR ARTICLES

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...