28.6 C
Colombo
Wednesday, April 2, 2025

තමිම්ගෙන් ක්‍රිකට්ලෝලීන්ට පණිවුඩයක්

- Advertisement -

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකරනු ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් හිටපු එක්දින නායක තමීම් ඉක්බාල් මේ වනවිට සුවය ලබමින් සිටින බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා තමන් වෙනුවෙන් ආශිර්වාදකළ සියලු දෙනාට ස්තූතිය පළකර තිබුණා

“අපව ජීවත්කරවන්නේ හෘද ස්පන්දනය. නමුත් මේ ස්පන්දනය ඕනෑම මොහොතක, කිසිදු දැනුම්දීමකින් තොරවම නතරවිය හැකි බව අපට අමතකයි.

මම ඔබ සැමට මගේ හෘදයාංගම කෘතඥතාව සහ ආදරය පිරිනමනවා. කරුණාකර මා සහ මගේ පවුලේ අයවත් ඔබගේ යාච්ඤාවල තබාගන්න” යනුවෙන්

ඩකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (24) පැවති තරගයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් තමිම් රෝහල් ගතකරනු ලැබුවා.

ඔහු රෝහල් ගතකිරීමෙන් අනතුරුව හදිසි සැත්කමකටද භාජනය කරනු ලැබු අතර තමීම් රෝහලට රැගෙන යන විටත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බව ප්‍රතිකාර කළ වෛද්‍යවරයාද තහවුරු ක‍ළා.

වසර 15කට වැඩි කාලයක් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩාකළ තමිම් ජාත්‍යන්තර ලකුණු 15,000කට වඩා රැස්කර තිබෙනවා.

ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන ආකෘති ත්‍රිත්වය යටතේම ශතක 25කට වඩා රැස්කර ඇති තමිම්, අදටත් සියලුම ආකෘතිවලින් ශතක රැස්කළ එකම බංග්ලාදේශ පිතිකරුවායි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

අපි කාටවත් හානියක් කරන්නේ නැහැ – නලින්ද

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු වලදී ජාතිය, ආගම හෝ ප්‍රදේශය පටලවා නොගන්නා ලෙසත් ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද...

POPULAR ARTICLES

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

සීනි බදු වංචා නඩුවේ මූලික විරෝධතා විසි වෙලා

ඉකුත් රජය සමයේ සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකරුවන් විසින් මතු කළ මූලික විරෝධතා...