32 C
Colombo
Wednesday, April 2, 2025

පොලිසියට, පොලිසියේ දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

- Advertisement -

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වැලිකඩ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු රඳවාගෙන ප්‍රශ්නකරන බව කෙසෙල්වත්ත පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. 

කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ බව දැනුම්දී තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරුවන්ව පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර දී තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරුවන්ගෙන් රදවාගෙන ප්‍රශ්නකිරීමට පොලීසියට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය, පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් නියම කළා.

කෙසෙල්වත්ත පොලිස් වසම තුළදී පුද්ගලයෙකු පැහැරගෙන රුපියල් ලක්ෂ 16ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පිරිස කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට්...

යාපනයට පාස්පෝට් කාර්‌යාලයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්‌යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස...

සුපිරි වෙළෙඳසැල් 23කට නඩු

උත්සව සමය තුල වෙළෙඳපොළේ දී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ ඊයේ ( 01)...

POPULAR ARTICLES