28.6 C
Colombo
Wednesday, April 2, 2025

ඉන්දියානුවෙක් අතට ගිය ඇමරිකාවේ සෞඛ්‍ය

- Advertisement -

එක්සත් ජනපද සෙනෙට් සභාව ස්ටැන්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඉන්දියානු සම්භවයක් ඇති ජේ බහත්තාචාර්යා ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීම තහවුරු කර තිබෙනවා.

එක්සත් ජනපද සෙනෙට් සභාවේ නිල වෙබ් අඩවියට අනුව, 119 වැනි කොන්ග්‍රසයේ ඡන්දයේ පළමු සැසියේදී බහත්තාචාර්යාගේ පත් කිරීම වෙනුවෙන් 53-47ක් ලෙස ඡන්ද ලැබී තිබෙන බවයි පැවසෙන්නේ.

ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්යවරයෙක් වන ඔහු, ජාතික ආර්ථික පර්යේෂණ කාර්යාංශයේ පර්යේෂණ සහායකයෙක් මෙන්ම ස්ටැන්ෆර්ඩ් ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ, ස්ටැන්ෆර්ඩ් ෆ්‍රීමන් ස්පොග්ලි ආයතනයේ සහ හූවර් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්.

ජාතික සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය පර්යේෂණවල ප්‍රමිතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ජේ බහත්තාචාර්යා සහ අලුතින් පත් වූ එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් එක්ව කටයුතු කරන බව ද අමෙරිකාව පවසනවා.

RECENT ARTICLES - SINHALA

වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු...

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට්...

යාපනයට පාස්පෝට් කාර්‌යාලයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්‌යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස...

POPULAR ARTICLES