32 C
Colombo
Wednesday, April 2, 2025

යහපත්ව රාජකාරි කළ පොලිස් නිළධාරීන් ඇගයේ

- Advertisement -

යහපත් රාජකාරී ඇගයීම සඳහා ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීම අද (26) සිදුකෙරුණා.

ඒ අපරාධ වාර්තා කොට්ඨාසයේ දී.

ඒ අනුව අද දිනයේ 140 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව රුපියල් මිලියන 24 කට අධික මුදලක් හා පොලිස් ප්‍රසංශා 25ක් පිරිනමනු ලැබුවා.

ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

මෙම ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා ප්‍රදානය කිරීම සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරීන් 13ක්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 100ක්, කාන්තා පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරිනියන් 05ක්, පොලිස්සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් 231 ක් හා කාන්තා පොලිස් සැරයන් සහ කොස්තාපල්වරියන් 38ක්, පොලිස් සැරයන් රියදුරු සහ කොස්තාපල් රියදුරු නිලධාරීන් 08ක් මෙන්ම යුද හමුදා නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් 113ක් , සිවිල් ආරක්ෂක නිලධාරීන් එක් අයෙකු හා සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු ඇතුළු 515 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.

මේ සඳහා පොලිස් ත්‍යාග අරමුදල මඟින් රුපියල් මිලියන 29 කට අධික මුදලක් පිරිනැමීම සඳහාද කටයුතු සූදානම් කර තිබෙනවා.

0

RECENT ARTICLES - SINHALA

සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්   

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කර...

පොලිස් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මාර්තු...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. එහි අවම මිල දැක්වෙන්නේ සුදු බිත්තරයක වන අතර එහි මිල...

POPULAR ARTICLES

සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්   

එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීම පිළිබඳ ඉදිරි පියවර ගැනීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කර...

අමෙරිකානු ප්‍රහාරක නෞකා මැදපෙරදිගට

ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය වද්දී, මැදපෙරදිග කලාපයේ සිය යුද ශක්තිය ඉහළ නැංවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. මේ නිසා මැදපෙරදිග...

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුව ගැන යෝජනාව පාර්ලිමේන්තුවට එන දිනය

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ යෝජනාව අප්‍රේල් 8 වැනිදා විවාදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත්...