28.1 C
Colombo
Sunday, April 6, 2025

තරුණ සේවා සභාවේ දූෂණ වාර්තා නීතිපතිට

- Advertisement -

තරුණ සේවා සභාවේ පසුගිය සමයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳව කෝප් කමිටුවේදී හෙළිවූ කරුණුවලට අනුව එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට අදාළ වාර්තා යොමු කිරීමට කෝප් කමිටුව තීරණය කර ඇති බවට වාර්තා වනවා.

ඊට අමතරව හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් ද එල්ල වී ඇති චෝදනා පිළිබඳ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම වාර්තා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චෝදනාවලට ලක්වූවන්ට නඩු දැමීමට නීතිපතිවරයාට අදාළ වාර්තාව යොමුකරන බව කෝප් කමිටු සාමාජික මන්ත්‍රි අසිත නිරෝෂණ මහතා පවසනවා.

පසුගිය දා ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම්වලදී රනිල් වික්‍රමසිංහ රජය එම ආයතනයේ මුදල් අවභාවිත කිරීම පිළිබඳ සිද්ධි රැසක් හෙළිවූ බවද ඒ අනුව ඊට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩතහනම් කර ඔවුන් පිළිබඳ දීර්ඝව පරීක්ෂණ කිරීමට වර්තමාන තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්‍වරයාට උපදෙස් දුන් බවද අසිත නිරෝෂණ මන්ත්‍රිවරයා කියා සිටියා.

අසිත නිරෝෂණ මන්ත්‍රිවරයා පවසා තිබුණේ තරුණ සේවා සභාවේ සිදුවූ දූෂණ පිළිබඳ චෝදනාකරුවන්ට අනිවාර්යයෙන් ම නීතිපතිවරයා හරහා නඩු දමන බවද මේ සතියේදී ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුවට ගෙන්වන බවයි.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කැඳවයි

රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ...

වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයාගේ මිය යාම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධව...

මෝදි අද අනුරාධපුරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන්...

POPULAR ARTICLES