27.3 C
Colombo
Sunday, April 6, 2025

ටැටූ ශිල්පීන්ගෙන් ඉල්ලීමක්

- Advertisement -

මෙරට ටැටූ කර්මාන්තය නියාමනයට ලක් කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය ගුණාත්මකභාවයට වැදගත් වන පරාමිතීන්  ස්ථාපිත කරන ලෙසත් ශ්‍රී ලංකා ටැටූ සංගමය ඉල්ලීම් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

Ayana Events මඟින් සංවිධානය කල Ceylon Tattoo Convention 2025 BMICH පරිශ්‍රයේ මාර්තු 21,22,23 තෙදින පුරාවට පැවැත්වුණා.

ජාත්‍යාන්තර ටැටූ නිර්මාණකරුවන්ගේ සහ තරගකරුවන් 90කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහනට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට ආරාධනා කර තිබුණා.

චතුරංග අබේසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකාවෙ මේ වන විට ටැටූ කර්මාන්තයේ නියැලෙන 5000ක් පමණ නිර්මාණකරුවන් සිටින බව අවධානයට ලක් වූ බවයි .

“කලාව, තාක්ෂණය, සංස්කෘතිය මේ සියල්ලෙ සංකලනයක්. මේ වන විට විශාල ඩොලර් ප්‍රමාණයක් හොයන Artist ලා මේ කර්මාන්තය තුල ඉන්නවා. ඒවගේම තම සේවාව එංගලන්තය, සිංගප්පූරුව හා තායිලන්තය වැනි රටවල් වල ස්ථාපිත කල අය හමුවුනා.

වෙන සේවා වගේ නෙමෙයි, ඔවුන්ගේ එකම ඉල්ලීම මෙම කර්මාන්තය නියාමනය කරන ලෙස හා quality පරාමිත ස්ථාපිත කරන්න කියන එකයි. අසංවිධිත සුදුසුකම් ණැති සේවා සපයන්නන් නිසා කර්මාන්තය අවධානමකට ලක්වී ඇති බවයි.

මේ වන විට ලංකාවෙ මෙම සේවාව සපයන 5000ක් පමන නිර්මාණකරුවන් සිටින බව දැනගන්න ලැබුණා.

මේ පිළිබඳ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව වැඩපිලිවළක් නිර්මාණය කල යුතුයි”

RECENT ARTICLES - SINHALA

හදිසි ගින්නකින් රාජගිරියේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක් විනාශයි

රාජගිරිය උත්සව අවස්ථා පරිශ්‍රයක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. එහි පැවැති උත්සවයක් අතරතුර මෙම ගින්න හට ගෙන ඇතැයිද සඳහන් වනවා. මේ වන විට එහි සිටින පිරිස්...

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

POPULAR ARTICLES