25 C
Colombo
Monday, November 18, 2024

ආණ්ඩුව ගෙනාපු අයත් දැන් කපුටො තමයි, පුළුවන් නම් මරනවා! – ජොන්ස්ටන්ට අභියෝගයක්

- Advertisement -

මෙරට සංස්කෘතිය තුල බලු කපුටු දාන දුන්නද කපුටන් මරා තටු එල්ලන සංස්කෘතියක් මෙරට නොමැති බව එක්සත් පුරවැසි සන්ධානය පවසනවා.

පසුගිය දිනක අමාත්‍ය ජොස්ටන් ප්‍රනාන්දු විසින් සිදුකළ ප්‍රකාශක් සම්බන්ධයෙන් ඊයේ (03) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් එම සන්ධානයේ චමීර පෙරේරා මහතා පෙන්වා දෙන්නේ රජයට එරෙහිව මතුවන විරෝධතා මර්දනය කරන ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා එසේ අදහස් ප්‍රකාශ කර ඇති බවයි.

විපක්ෂය පමණක් නොව ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ පාර්ශවද කළකිරීමට පත්ව විරෝධතා පල කරමින් සිටින බවත් ඔවුන්ද ‘කාක්කන්’ බවට පත්ව සිටින බැවින් මරන්නේ නම් ‘කපුටන්’ විශාල ගණනක් සිටින බව අමාත්‍යවරයාට සිහිපත් කර සිටින බවත් චමීර පෙරේරා මහතා පවසනවා.

එමෙන්ම, සුදුස්සන් සිටියදී අලෙවිකරුවෙක් හට කෘෂිකර්ම ඇමතිකම දුන් විට ජනතාවට පීඩාවිඳීමට සිදුවීම ගැන ඇසීමට දෙයක් නැති බවත් ජනාධිපතිවරයා සුදුස්සන්ට සුදුසු තැන ලබාදෙන්නේ එපරිද්දෙන් බවත් ඒ මහතා පවසනවා

මේ අතර මේ වන විට පවතින පොහොර ප්‍රශ්නයට ජනාධිපතිවරයා විසඳුම් හොයන්නේ ද බේබද්දා යතුර හොයන ආකාරයට බවද චමීර පෙරේරා මහතා සඳහන් කරයි.

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES