26.8 C
Colombo
Sunday, April 6, 2025

Wild Cookbook යූ ටියුබ් ඉතිහාසය අලුතින් ලියයි

- Advertisement -

YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන ‘Wild Cookbook’ ඊයේ (28) සිය ග්‍රාහකයින් මිලියන 10 පසුකර ගියා.

ඒ අනුව, මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාලිකාවේ හිමිකරුවා බවට ඔහු පත්වුණා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහුට හැකිවුණා.

2020 වසරේ දී දියත් කරන ලද මෙම යූටියුබ් නාලිකාවේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන තිබෙනවා.

චරිත්ගේ සුවිශේෂී ඉවුම් පිහුම් ශිල්පීය ක්‍රම සහ එය ඉදිරිපත් කරන ආකාරය ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධානම හේතුවක් වී තිබුණා.

මෙම සන්ධිස්ථානයට ළඟා වූ චරිත් සිය ප්‍රේක්ෂකයින්ට කෘතඥතාව පළ කරමින් පවසා සිටියේ ’10 Million කෝටි වාරයක් ස්තූතියි’ යනුවෙන්.

ඒ අනුව, චරිත්ට යාමට තිබෙන ඊළඟ කඩඉම Red Diamond Play Button එක වන අතර, ඒ සඳහා ඔහු ග්‍රාහකයින් මිලියන 100 සම්පූර්ණ කළ යුතු වනවා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES