28 C
Colombo
Saturday, April 5, 2025

මරදානේ චොප්පෙගෙ පුතා අත්අඩංගුවට

- Advertisement -

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට බැණ  මරණ තර්ජන කිරීම හේතුවෙන් ඊයේ (28) රාත්‍රියේ දී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

කිත්සිරි රාජපක්ෂ දෙමටගොඩ කෙන්ට් පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් එම ඉඩමේ හිමිකරුට සහ දියණියට බැන මරණ තර්ජන සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කිත්සිරි රාජපක්ෂ අද (29) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කිත්සිරි රාජපක්ෂ,  මරදානේ චොප්පෙ හෙවත් ධර්මදාස රාජපක්ෂගේ දෙවනි පුත්‍රයා වන  අතර පසුගිය වසරේදී ඔහුට එක්සත් ජාතික පක්ෂයේ මැදකොළඹ ආසන සංවිධායක ධූරයද ලබා දී තිබුණා.

ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධුරය සඳහා එජාපයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව සිටින බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

හෙට අනුරාධපුර නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (06) දිනයේ  අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබෙනවා. ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාවට විරෝධයක්

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින්  විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ...

POPULAR ARTICLES

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් Netflix යයි

ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ නෙළුම් කුලුනෙහි ප්‍රතිනිර්මාණයක් වන පෙරුසු චිත්‍රපටිය Nextflixහි තිරගත වීමට නියමිතව තිබෙනවා. එය අප්‍රේල් 11 වැනිදා සිට Nextflix ඔස්සේ නැරඹීමට හැකියාව...