28 C
Colombo
Saturday, April 5, 2025

රනිල් සර් ගැන කියමින් දොඩම්පහළ අඬාවැටෙයි (වීඩියෝ)

- Advertisement -

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පින්කමකදී දොඩම්පහළ රාහුල හිමියන් කළ ප්‍රකාශයක් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් මතුව තිබුණා.

එහිදී එම හිමියන් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණ සමයේදී ඉන්ධන නොගෙන්වන ලෙස තමන් වහන්සේ එවකට සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත් තමන්ට අත්වැරදීමකින් එම ප්‍රකාශය එදා සිදු කළ බව පුද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග එක්වෙමින් උන්වහන්සේ සඳහන් කරනවා.

මම කිසිම කෙනෙක්ගෙන් දානයක් ගන්නේ නැහැ. මට දන් දෙන කෙනෙක් හොයන්න. ගත්තොත් ඕවට බැනුම් අහන්න වෙයිනේ මුට තෙල වැඩියි කියලා. කවදාවත් මට දානයක් දීපු කෙනෙක් හොයලා බලන්න. බුද්ධ පූජා වතාවත් මම උයලා කරනවා. පිටතින් බලන චරිත නොවේ අභ්‍යන්තරිකව තිබෙන්නේ. මම කවදාවත් භික්ෂුවක් හැටියට සම්මාදමක් කරලා නෑ. කවදාවත් පිරිසක් ගෙන්වලා වැඩ කරලා නෑ. මම කාටවත් කරදර කරලා නෑ. කාගෙවත් දේකින් මම යැපෙන් නෑ. කිසිම දේශපාලකයෙක්, රාජ්‍ය නිලධාරියෙක් ගෙන්වලා මම මුල්ගලක් තියලා එහෙම වැඩක් කරලා නෑ. කෑම එක්කටවත් මම ණය නැත්තේ ඒකයි. නැත්නම් ඕක හරකෙක් වෙලා හරි ගෙවන්න වෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ මට රනිල් වික්‍රමසිංහ මහත්මයා මුණ ගැහුණා

“එදා ඒ වෙලාවේ ඒ වේගයත් එක්ක මට ගන්න නිදර්ශනයක් හරියටම ඔලුවට ආවෙ නෑ,
ඒ වගේ දෙයක් කියන්න තියා මට හමුවෙලාවත් නැහැ.මට හිතන්න වෙලාවක් තිබුණෙ නැහැ,කැමරාව කොහෙන් අල්ලගෙන හිටියද දන්නෙ නැහැ.මම ඒ වෙලාවේ කැමරාවක් තියෙනවා දැක්කේ නැහැ,ඒ වගේ දෙයක් කියන්න තියා මම කවදාවත් රනිල් සර් මුහුණට මුහුණ හමුවෙලාවත් නැහැ”

RECENT ARTICLES - SINHALA

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

හෙට අනුරාධපුර නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (06) දිනයේ  අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබෙනවා. ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...

දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාවට විරෝධයක්

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින්  විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ...

POPULAR ARTICLES

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක් Netflix යයි

ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ නෙළුම් කුලුනෙහි ප්‍රතිනිර්මාණයක් වන පෙරුසු චිත්‍රපටිය Nextflixහි තිරගත වීමට නියමිතව තිබෙනවා. එය අප්‍රේල් 11 වැනිදා සිට Nextflix ඔස්සේ නැරඹීමට හැකියාව...

හෙට අනුරාධපුර නගරයට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (06) දිනයේ  අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබෙනවා. ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා...