33 C
Colombo
Tuesday, April 8, 2025

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් දරුවෙකු මරුට

- Advertisement -

කළුතර ගමගොඩපාර, රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළායැයි සැකකෙරෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 6ක පිරිමි දරුවකුවෙකු මියගොස් තිබෙනවා.

පෙරේදා (29) රාත්‍රී 10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එල්ල කළ මෙම ප්‍රහාරයෙන් රූපවාහිනිය නරඹමින් සිටි එම දරුවා සහ නිවසේ සිටි වයස අවුරුදු 28ක් පමණ වන කාන්තාවක් තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ.

ඔවුන් දෙදෙනා කඩිනමින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී බරපතළ තුවාල සහිතව සිටි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) සවස මියගොස් තිබුණා.

මියගිය දරුවාගේ මව විදේශගතව සිටින අතර, ඒ හේතුවෙන්   දරුවාගේ පියා රැකියා කටයුතු නිමකර යළි පැමිණෙන තෙක් එම දරුවාව රැකබලාගන්නේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක එල්ල වූ නිවසේ සිටි කාන්තාව විසින් බව පැවසෙනවා.

තුවාල ලැබූ එම කාන්තාව ද මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම පහරදීමට සම්බන්ධ කිසිදු පුද්ගලයකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහරදීම කුමන හේතුවක් නිසා සිදුව ඇද්ද යන්න පිළිබඳව ද මේ වනතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයට අලුතින් සේවකයින් ගන්න අනුමැතිය

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මේ වන විට...

චාමර පාර්ලිමේන්තුවට ඇවිත්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා. ඒ, මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සඳහායි. ඌව පළාත් සභාවට අයත් ස්ථාවර...

සිංගප්පූරු සමාගමකින් පෙට්‍රල් මිලදී ගන්න අනුමැතිය

පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිලදී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2025–04-15 සිට 2025-10-14 දක්වා මාස 06ක කාලයක් සඳහා...

POPULAR ARTICLES