29.1 C
Colombo
Wednesday, April 9, 2025

රාමසාන් උත්සවය අදයි

- Advertisement -

ඉස්ලාමීය බැතිමතුන් අද (31) ඊදුල් ෆිතර් හෙවත් රාමසාන් උත්සවය සමරනවා.

රාමලාන් යන්නෙහි තේරුම භාග්‍යවත් මාසය යන්නයි.

පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට, හිරු බැස යන තුරු නිරාහාරව සිටිමින් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ නිරත වුණා.

එය, අනෙකාගේ  කුසගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලය වන අතර එම කාලයේ සකාත් හෙවත් දන්දීම් වැඩි වශයෙන් කළ යුතුයි.

ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරාණය දෙවියන් වහන්සේගෙන් මුහම්මද්තුමාට මුලික හෙළිදරව් කිරීම් ලැබුණු මාසය ලෙස, අද රාමසාන් සමරනු ලබනවා.

කොළඹ මහා පල්ලිය ඊයේ (30) රාත්‍රියේ නිවේදනය කළේ නව සඳ දිස්වීම හේතුවෙන් අද දිනයේ රාමසාන් උත්සවය සමරණ බවයි.

මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා හෙට (01) දිනයේ නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මෙම නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව එම අමාත්‍යංශය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජපක්ෂ පවුලට අයත් ප්‍රදේශයේ නිවසකට අදාළ ලියකියවිලි සකස් කිරීමේ චෝදනාව...

Breaking: පාස්කු සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත  පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2018 වසරේ නොවැම්බර් මාසයේදී මඩකලපුව- වව්නිතව්  ප්‍රදේශයේ...

මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයින් 13ක් අත්අඩංගුවට

මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතින...

POPULAR ARTICLES