29.1 C
Colombo
Monday, April 7, 2025

දේශීය ගුවන් ගමන්වාර වැඩි කරන්න සැලසුමක්

- Advertisement -

දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ඒ සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බවයි.

පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අනතුරුව අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“මුලික තීරණයක් අරන් තියෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශීය සංචාරකයින්ට, යාපනයේ ජීවත්වෙන අය කටුනායක ගුවන්තොටුපොළට තමා එයාලා දැනට එන්නේ. එතැන ඉඳලා දේශීය ගුවන් ගමන්වාර වැඩි දියුණු කරන්න මේ ගුවන්තොටුපොළත් සංවර්ධනය කරන්න. ඒකට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ගුවන් ගමන් පිළිබඳව තිබෙන නීතියේ යම් වෙනස්කම් කරන්න. මොකද දේශීය ගුවන් ගමන්වලට ගැලපෙන පරිදි නීති සකස් කරන්න. එහෙම වුණොත් අපි හිතනවා ලංකාවේ පෞද්ගලික ගුවන් යානා හිමිකරුවන්ට ඒ සමාගම්වලට ප්ලේන් මෙහෙට ගේන්න පුළුවන්. ඔවුන්ට යම්කිසි ලාභයක් උපයාගන්නා ගමන් ජනතාවට සේවයක් කරන්න පුළුවන්.”

RECENT ARTICLES - SINHALA

පොලිසියෙන් කියලා සජබ අපේක්ෂකයෙක්ගේ මුදල් කොල්ල කාලා

මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරඟවදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා පැමිණි පුද්ගලයන්...

චාමර අධිකරණයට 

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) උදෑසන රැගෙනවිත් තිබෙනවා.

කොටස් වෙළඳපොළ ගනුදෙනු අත්හිටුවලා

කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණය ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51ට විනාඩි 30ක කාලයක් සඳහා...

POPULAR ARTICLES

පොලිසියෙන් කියලා සජබ අපේක්ෂකයෙක්ගේ මුදල් කොල්ල කාලා

මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරඟවදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා පැමිණි පුද්ගලයන්...

ආසියානු කොටස් වෙළෙඳපොළේ කඩා වැටිමක්

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද(07), තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටි...

චාමර අධිකරණයට 

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) උදෑසන රැගෙනවිත් තිබෙනවා.