27 C
Colombo
Monday, April 7, 2025

උසාවි එද්දී ආචාර නොකළැයි නීතීඥවරියක් රිමාන්ඩ් කරලා

- Advertisement -

අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුවක සැකකරුවකුට ඇප ලබා ගැනීම සඳහා පසුගිය මාර්තු 07 වන දින අධිකරණය හමුවේ පෙනී සිටි ප්‍රියංකා උදයංගනී සමරතුංග නමැති නීතීඥවරියක්.

මහාධිකරණය හෝ මහාධිකරණ විනිශ්චයකාරවරිය සුදුසු පරිදි ගෞරවාන්විතව ඇමතීම චේතනාන්විතව නොකර හැරීම සහ මහාධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දි අධිකරණයට හිස නමා ආචාර කර ගෞරව කිරීම චේතනාන්විතව නොකර හැරීම යන චෝදනා නීතීඥවරියට එරෙහිව එල්ල වී තිබෙනවා.

ඒ අනුව, එම නීතීඥවරිය 2024 අංක 08 දරණ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 3-(1) (අ) වගන්තිය ප්‍රකාරව මෙම අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කර ඇති බවටත් එම පනතේ 11-(1) වගන්තිය සමඟ කියවිය යුතු සිවිල් නඩු විධාන සංග්‍රහයේ LXV පරිච්ජේදයේ 800 වගන්තිය සහ 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 18 වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය යුතු මහාධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කළ බවත්, තීන්දු කරමින් විනිසුරුවරිය ඇයව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.

නීතිඥවරිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ නාදියා අබ්බාස්  නිකුත් කළ ප්‍රකාශයක දැක්වෙන්නේ, චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චූදිත නීතීඥවරියට නිශ්චිත කොන්දේසි යටතේ ඇප නියම කර තිබුණත් අදාළ කොන්දේසි සපුරා ගැනීමට එදින තිබූ අපහසුතා මත ඇය විසින් පුද්ගලික ඇප මත විත්තිකරු නිදහස් කිරීමට කළ ඉල්ලීම විනිසුරුවරිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මෙම අවස්ථාවේදී, නීතිඥ නාදියා අබ්බාස්  චෝදනා ලැබූ නීතිඥවරිය වෙනුවෙන් පෙනී සිටිම සඳහා පුත්තලම නීතීඥ සංගමයෙන් විමසීම් සිදු කළත් සංගමයේ ප්‍රතිචාරය වී ඇත්තේ ඇය වෙනුවෙන් සංගමයට පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවයි.

අවශ්‍ය නම් නීතිඥ නාදියා අබ්බාස්  හට පුද්ගලිකව ඒ සම්බන්ධයෙන් පෙනී සිටිය හැකි බවත් සංගමය පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොට උඩ ගිය ජල ව්‍යාපෘතිවලින් ලක්ෂ 59ක පාඩුවක්

කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරිම සදහා...

නාමල් CIDයට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

දුරගමන් සේවා බස් රථවලින් ඉල්ලිමක්

දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බව බස් සංගම් පවසනවා. ඔවුන් පෙන්වා...

POPULAR ARTICLES