27 C
Colombo
Monday, April 7, 2025

රක්ෂිත බන්ධනාගාරගත කල නීතීඥවරියට අභියාචනාධිකරණය දුන් නියෝගය

- Advertisement -

අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කල ප්‍රියංකා උදයංගනී සමරතුංග නමැති නීතීඥවරියට අභියාචනාධිකරණය විසින් මුදා හරින ලෙස නියෝග කර තිබෙනවා.

අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර නිළධාරීන්ට අද (31) මෙම නියෝගය සිදුකළා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. 

නිදහස් වීමෙන් පසුව එම නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය විසින් නියම කළා.

පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුවක සැකකරුවකුට ඇප ලබා ගැනීම සඳහා පසුගිය මාර්තු 07 වන දින අධිකරණය හමුවේ පෙනී සිටි ප්‍රියංකා උදයංගනී සමරතුංග නමැති නීතීඥවරිය අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබුවා.

මහාධිකරණය හෝ මහාධිකරණ විනිශ්චයකාරවරිය සුදුසු පරිදි ගෞරවාන්විතව ඇමතීම චේතනාන්විතව නොකර හැරීම සහ මහාධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දි අධිකරණයට හිස නමා ආචාර කර ගෞරව කිරීම චේතනාන්විතව නොකර හැරීම යන චෝදනා නීතීඥවරියට එරෙහිව එල්ල වී තිබුණා.


RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑලට

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති...

හවසට මි.මී 100ට වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන...

මිනිස්සු අපිට හිනාවෙනවා-එස්.එම් චන්ද්‍රසේන

සහෝදරයා හා තම බිරිඳ සිරඟත විම සම්බන්ධයෙන් තමා ඉතා කණගාටුවෙන් සිටින බව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා. කෙසේ වුවත් තමාගේ දේශපාලන කටයුතු ඉදිරියට පවත්වා ගෙන...

POPULAR ARTICLES

තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑලට

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති...

ට්‍රම්ප් නිසා කෝපිවලටත් බලපෑම්

ගෝලීය කෝපි මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඒ, අමෙරිකාව පැනවූ නව තීරු බදු හේතුවෙන්. ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයා වන වියට්නාමයට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය...

හවසට මි.මී 100ට වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන...