29.1 C
Colombo
Monday, April 7, 2025

විදුලිය බිඳවැටීමෙන් සිදුවූ පාඩුව ගැන පාඨලී කියයි

- Advertisement -

පානදුර විදුලි උප පොලේ සිදුවූ ගැටලුව හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවූ අලාභය රුපියල් කෝටි 830ක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම පාඩුව පියවා ගැනීමට උත්සාහ කරනුයේ විදුලිය ගාස්තුව ඉහළ නැංවීමෙන් බවද ඔහු සඳහන් කළා.

ඔහු මෙමෙ අදහස් පල කළේ, ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

“මේ වඳුරෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. කීයද පාඩුව? කෝටි 830 ක්. එතකොට කවුද මේවා ගෙවන්න යන්නේ? මතක තියාගන්න. මේ පාඩුව ගෙවන්න වෙන්නේ අපිට.මැයි හය වැනිදායින් පස්සේ විදුලි ගාස්තුව වැඩි කරලා ඒ පාඩුව පියවගන්න යන්නේ”

RECENT ARTICLES - SINHALA

පොලිසියෙන් කියලා සජබ අපේක්ෂකයෙක්ගේ මුදල් කොල්ල කාලා

මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරඟවදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා පැමිණි පුද්ගලයන්...

චාමර අධිකරණයට 

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) උදෑසන රැගෙනවිත් තිබෙනවා.

කොටස් වෙළඳපොළ ගනුදෙනු අත්හිටුවලා

කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණය ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51ට විනාඩි 30ක කාලයක් සඳහා...

POPULAR ARTICLES

පොලිසියෙන් කියලා සජබ අපේක්ෂකයෙක්ගේ මුදල් කොල්ල කාලා

මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරඟවදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා පැමිණි පුද්ගලයන්...

ආසියානු කොටස් වෙළෙඳපොළේ කඩා වැටිමක්

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදුන් තීරුබදු වල අහිතකර බලපෑම් හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ රැසක් අද(07), තෙවැනි දිනටත් කැපී පෙනෙන ලෙස කඩා වැටි...

චාමර අධිකරණයට 

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) උදෑසන රැගෙනවිත් තිබෙනවා.