29.2 C
Colombo
Monday, April 7, 2025

හෙට සිට කාලගුණයේ වෙනසක්

- Advertisement -

හෙට (01) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියාව තිබෙන බව එම දෙපාර්තමෙන්තුව සඳහන් කළා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කොකාට වාරයයි නම්, තිත්තයාට දෙවාරයයි – එස්.එම්. චන්ද්‍රසේන

තම බිරිඳ සහ සහෝදරයා සිරගත කිරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුව එම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත්...

Breaking: PTA යටතේ අත්අඩංගුවට ගෙන සිටි තරුණයා නිදහස්

ඊශ්‍රායලයට අපහාස වන ආකාරයේ ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා ගනිමින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි තරුණයා ඇප කොන්දේසි මත...

සුරාබදු ආදායමෙන් වාර්තාවක්

මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා...

POPULAR ARTICLES

කොකාට වාරයයි නම්, තිත්තයාට දෙවාරයයි – එස්.එම්. චන්ද්‍රසේන

තම බිරිඳ සහ සහෝදරයා සිරගත කිරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුව එම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත්...

කඩා වැටුන කොටස් වෙළඳපළ

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (07) දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණා.  දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක...