29.2 C
Colombo
Monday, April 7, 2025

ආණ්ඩුව ජනමාධ්‍ය මර්දනය කරනවා – සාගර කාරියවසම්

- Advertisement -

වර්තමාන ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැතිකර ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (31) පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි.

නීතියේ ආධිපත්‍යය තිබෙන රටක නිදහසේ කටයුතු කිරීමට කිසිවෙකුට බාධා කළ නොහැකි බවත් නීතියේ අධිපත්‍යය නැති කළහොත් එම රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජනතාවට අහිමිවන බවත් ඔහු සඳහන් කළා.

එය ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ නිදහසට වැඳගත්ම සාධකයක් බවත් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ, කැමති රැකියාවක් කිරීමේ අයිතිය, කැමති ආගමක් ඇඳහීමේ ආදි නිදහසේ අවශ්‍ය කටයුතු කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක සහතික කර තිබෙන බවත් ඔහු එහිදී කියා සිටියා.

අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසීය යන ආයතන ත්‍රිත්වය මෙරට තුළ නීතියේ ආධිපත්‍ය රැකගැනීම සඳහා කටයුතු කරන බවත් ආණ්ඩුවේ දේශපාලන වේදිකාවේ සිටි විශ්‍රාම ගිය නිලධාරීන් දෙදෙනෙක් පොලිසිය භාර ලේකම්වරයා සහ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස පත්කර ශ්‍රී ලංකා පොලිසිය අභිමානයෙන් තොර තැනක් බවට පත්කර පොලිසිය දේශපාලනීකරණය කර ඇති බවත් සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ආණ්ඩුව ජනමාධ්‍ය මර්ධනය කිරීමට කරන උත්සහයේදී පසුගිය කාලයේ රූපවාහිනී නාලිකාවලට සහ පුවත්පත්වලට තර්ජනය කළ ආකාරය දැකගත හැකිවූ බවයි.

RECENT ARTICLES - SINHALA

කොකාට වාරයයි නම්, තිත්තයාට දෙවාරයයි – එස්.එම්. චන්ද්‍රසේන

තම බිරිඳ සහ සහෝදරයා සිරගත කිරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුව එම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත්...

Breaking: PTA යටතේ අත්අඩංගුවට ගෙන සිටි තරුණයා නිදහස්

ඊශ්‍රායලයට අපහාස වන ආකාරයේ ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා ගනිමින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි තරුණයා ඇප කොන්දේසි මත...

සුරාබදු ආදායමෙන් වාර්තාවක්

මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා...

POPULAR ARTICLES

කොකාට වාරයයි නම්, තිත්තයාට දෙවාරයයි – එස්.එම්. චන්ද්‍රසේන

තම බිරිඳ සහ සහෝදරයා සිරගත කිරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුව එම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත්...

කඩා වැටුන කොටස් වෙළඳපළ

කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (07) දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණා.  දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක...