29.1 C
Colombo
Wednesday, April 9, 2025

ගම්පහ කනේ පහර;විත්තියත් නැහැ පැමිණිල්ලත් නැහැ

- Advertisement -

ගම්පහ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ සේවය කළ හෙදියකට එහි විශේෂඥ වෛද්‍යවරයෙකු කනේ පහරක් ගැසූ බව පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා දෙපාර්ශවයෙන් කිසිවෙකුත් පොලිසියට පැමිණ නැතැයි වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලිකාර හා විත්තිකාර යන පාර්ශව දෙකම අද (31) පොලිසියට කැඳවූ නමුත් ඔවුන් කිසිවෙකුත් නොපැමිණි බව ගම්පහ මූලස්ථාන පොලිසියේ ප්‍රකාශකයෙක් මව්බිම පුවත්පතට පවසා තිබෙනවා.

මේ අතර, මෙම පහර දීම සම්බන්ධයෙන් එම රෝහලේ තවත් හෙදියන් දෙදෙනකුගේ ප්‍රකාශ ලබා ගත් නමුත් තමන් එය නොදුටු බව ඔවුන් පවසා ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

සී.සී.ටී.වී දර්ශනවල සටහන්ව ඇත්තේ, වෛද්‍යවරයා අදාල ස්ථානයට පැමිණීමේ දර්ශන පමණක් බවයි පැවසෙන්නේ.

මෙම සිද්ධියෙන් පසු රෝගාතුර වූ හෙද නිලධාරිනිය වතුපිටිවල මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා අද පිටත්ව ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

PTA අහෝසි කරනවාද? අගමැතිනියගෙන් පිළිතුරක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුවේ කටයුතු කඩිනම් කිරීම සඳහා උපදෙස් ලබා...

දොළොස්දෙනෙක් රෝහලට යැවු අනතුර

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට...

ජනමතය කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ – තිස්ස අත්තනායක

පළාත් පාලන ඡන්දයේදී සමහර පළාත්වල මැතිවරණය කල් යෑම ඉතා බරපතල තත්වයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

POPULAR ARTICLES