29.2 C
Colombo
Wednesday, April 9, 2025

කවුද කියලා බලන්න එපා නඩුව අහන්න -අනුර

- Advertisement -

නඩුකාරවරුන්ට එම තනතුර භාර දී ඇත්තේ භේදයකින් තොරව නඩුව ඇසීමට බවත් එම නඩුව අදාළ කාට ද යන්න තේරීම ඔවුන් විසින් නොකළ යුත්තක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා අවධාරණය කළේ මේ දිනවල නඩු පවරන විට නඩුකාර මහත්වරුන් එම නඩුවලින් මාරු වෙන අතර එය ඒ තරම් හොඳ කරුණක් නොවන බවයි.

කෙසේ නමුත්, ඉතා ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු විශාල ප්‍රමාණයක් ඉදිරි මාස දෙක ඇතුළත පැවරෙන බව පෙරේදා (29) පැවති ජාතික ජන බලවේගයේ බෙලිඅත්ත ජන රැලිය අමතමින් ඔහු මේ බවකියා සිටියා.

ජනාධිපතිවරයා මේ බවද පැවසීය.

“වංචනිකයන්ට, දූෂිතයන්ට එරෙහිව හැප්පෙන්න අපි ලෑස්තියි. ඒගොල්ලො කුමන කුමන්ත්‍රණ ගණන් කුමන ආකාරයට යටි බිම් ගත වැඩසටහන්වල හිටියත් වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දෙන එක නතර කරන්නේ නැහැ. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ නිලධාරීන් පත්කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඉතා හොඳින් පරීක්ෂණ කරගෙන යනවා. දැන් ගොඩක් අයට අධි චෝදනා පත්‍ර භාර දී මහාධිකරණයේ නඩු පවරනවා. ඉතා ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු විශාල ප්‍රමාණයක් ඉදිරි මාස දෙක ඇතුළත පැවරෙනවා. අපිට කරන්න තියෙන්නේ පරීක්ෂණ කර මහාධිකරණයේ නඩු පැවරීමයි. අපට හිරේ දාන්න බලයක් නෑ. එය අධිකරණය තීරණය කළ යුතු යි. නඩුව දානකොට නඩුකාර මහත්වරු මාරු වෙනවා මම දුටුවා. ඒවත් ඒ තරම් හොඳ නෑ කියල මට හිතෙනවා. එතුමාට ඒ තනතුර භාර දීලා තියෙන්නේ කවුද කියලා භේදයකින් තොරව නඩුව අහන්න. නඩුකාර මහත්වරුන් තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු කරමින් මේ නඩුවලට නිසි සාධාරණය ඉටුකරන බව අපි දන්නවා.

පොලිස්පති රිමාන්ඩ් වේවි කියලා කවදාවත් හිතුවේ නෑ. වෙලේ සුදාලාගෙන් ගෙවල් ගත්ත කට්ටිය අපි දන්නවා. ලොකු තනතුරක් ද? පොඩි තනතුරක් ද? කියා භේදයකින් තොරව අප පරීක්ෂණ දියත් කරනවා. තමන්ට පැවරුණු වගකීම ඉටුකරනවා වෙනුවට දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් ඉටුකරන්න ගිය විට ඔය දේශබන්දුට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. පොලිසියේ මහත්වරුන් අප කිසි ලෙසක දේශපාලන වුවමනාව වෙනුවෙන් මෙහෙයවන්නේ නැහැ. පොලිසියට ඒ නිදහස ලබා දී තිබෙනවා. ඉස්සරහට ගොඩක් දේවල් සිදුවේවි. වැඩිපුර කෑ ගහන්නේ වැඩිපුර බය වෙච්ච කෙනා. දැන් හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා. මාව ගන්න යන්නේ කියනවා. මේක අපි කඩිමුඩියේ කලබලයට කරන දෙයක් නෙමෙයි. නිලධාරීන් ඉතා හොඳට පරීක්ෂණ මෙහෙයවනවා. ගොඩක් නිලධාරීන් ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා. ඒ අනුව අධිකරණයේ ඉතා ශක්තිමත් නඩුවක් ගොනුකරනවා. නඩු විභාග කරලා වරදකරු රිමාන්ඩ් කරනවා. …”

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව ඇපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09)...

තුන්කොන් එක්දින තරඟයට යන ශ්‍රී ලංකා A සංචිතය මෙන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන  ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතයේ නායකා වන්නේ, සදීර...

Breaking : වැලිකඩ පොලිස් භාරයේදී මියගිය තරුණයාගේ සිරුර ගොඩගන්නැයි නියෝගයක්

පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත්...

POPULAR ARTICLES