29.1 C
Colombo
Saturday, April 12, 2025

අගමැතිනිය ප්‍රංශයට 

- Advertisement -

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (31) දිනයේ නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

 (01) දිනයේ UNESCO මූලස්ථානයේදී  එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුමය ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් සහ ඒ ආශ්‍රිත ජීවන උරුමය’ පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේ සැසිවාරයක් සඳහා අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමටද නියමිතයි.

යුනෙස්කෝව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන ලද මෙම සමුළුව, අතිවිශාල සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් ඇති UNESCO ලෝක උරුම අඩවියක් වන අනුරාධපුරය සංරක්ෂණය කිරීමට තිරසාර උපාය මාර්ග සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර විශේෂඥයින් එක්රැස් වී පැවැත්වෙන්නක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

සමුළුවට සමගාමීව, ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් හමුවීමට ද නියමිතයි.

අග්‍රාමාත්‍යවරිය සමඟ ප්‍රංශය බලා ගිය ශ්‍රී ලාංකික දූත පිරිසට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද ඇතුළත්.

RECENT ARTICLES - SINHALA

“රනිල් බටලන්දට හමුදාව ගෙනාවේ තෙල් පිරිපහදුවේ ආරක්ෂාවට” -රුවන්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වේ යැයි යන සැකය බටලන්ද කඳවුර ස්ථාපිත කිරීමට ප්‍රධාන හේතුව බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා...

කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකළ රාජ්‍ය ආයතන ගැන තීරණයක්

පාර්ලිමේන්තු කාරක සභා විසින් දෙනු ලැබූ මෙතෙක් ක්‍රියාත්මක නොකළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මාසයක කාලයක් ලබාදීමට, පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ අදාළ වගකිව යුතු ආයතන...

පිය පුතු දෙපළක් නිවසක් තුළ කපා කොටා ඝාතනය කෙරේ

නිවසක් තුළ දී පිය පුතු දෙපළක් කපා කොටා ඝාතනය කළ පුවතක් නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ නොච්චියාගම, මාරගහ වැව, යාය 17 ප්‍රදේශයේ...

POPULAR ARTICLES