27.2 C
Colombo
Saturday, April 12, 2025

වාහන ආනයනකරුවන් පණ ඇති නියෝජ්‍ය ඇමති කෙනෙක් ඉල්ලයි

- Advertisement -

ජනාධිපතිවරයාට පවතින කාර්යබහුල තත්වයත් සමග ඔහුගේ යටතේ පවතින මුදල් අමාත්‍ය ධූරයට අදාළ තින්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් සිදුවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසනවා.

ඒ අනුව එම තත්ත්වය මඟහැරීම සඳහා කඩිනමින් තීන්දු තීරණ ගත හැකි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිටිය යුතු බව ඔහු සඳහන් කරනවා.

මේ සඳහා ජනාධිපතිවරයාට විශ්වාසවන්ත නියෝජ්‍ය ඇමතිවරයකුගේ අවශ්‍යතාව පවතින බව පසුගිය දිනවල වාහන ආනයනය සම්බන්ධයෙන් මුහුණ දුන් අත්දැකීම්වලදී පෙනී ගිය බව කුලතුංග මහතා පැවසුවා.

ඒ පසුගිය දා පැවැති එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදීයී.

ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශය විසින් ගනු ලබන තීරණවල ප්‍රමාදයක් පැවතීම හේතුවෙන් වාහන ආනයනකරුවන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම ඉතා අසීරු අඩියකට පැමිණ ඇති බවයි.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවසුවේ,

වාහන ආනයනය අවුරුදු පහකට පස්සේ ප්‍රකෘති වුණේ. රට දුවන්නෙ නිලධාරීන්ට වගකීම් දීලා. ඇමතිවරු කිසි ම වගකීමක් දරන්නේ නෑ. ජනාධිපතිතුමා බොහොම කාර්යබහුලයි. නියෝජ්‍ය ඇමතිවරු මේ පිළිබඳව කටයුතු කරන්නේ නෑ. නිලධාරීන් පරිස්සමින්, හෙමින් වැඩ කරන්නේ. මුදල් අමාත්‍යාංශය හා රේගුවේ ප්‍රශ්න කෙටි කාලයක් තුළ විසඳීමට උත්සාහ කළත් හරි ගියේ නෑ. වාහන වර්ගීකරණය සම්බන්ධයෙන් ලොකු ගැටලු තිබෙනවා. ඒවා නිසා බදු වෙනස් වෙලා තිබෙනවා. අපි සුබවාදීව බලනවා නම් තව දින කිහිපයකින් ප්‍රශ්න සියල්ල ඉවර වෙලා වාහන ආනයනය නැවත ප්‍රකෘතිමත් වෙයි. ඉදිරියේදී රටක් විදියට හැමදේම හොඳින් වෙන්න ඕනේ. අනිසි කටයුතු වළක්වලා කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා”

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES