29.3 C
Colombo
Tuesday, April 8, 2025

ලක්ෂ 3ක් මිය යා හැකි දරුණු භූකම්පනයක් ගැන ජපානය අනතුරු අඟවයි

- Advertisement -

ජපානයට ඉදිරියේදී ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ හැකියාවක් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ජපාන රජය නියෝජනය කරන විශේෂඥ මණ්ඩලයක් විසින් සම්පාදනය කරන ලද වාර්තාවකින් මේ බව අනාවරණය කර තිබුණ.

එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8ත් 9ත් අතර අගයක් ගත හැකි බවත් ඉන් පුද්ගලයින් 300,000 ක් පමණ මිය යනු ඇති බවටත් එම වාර්තාව මඟින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

විශේෂඥයින් මත පළ කර ඇත්තේ ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් පිහිටි නන්කායි ප්‍රදේශයේ මෙම භූමිකම්පාව හට ගනු ඇති බවටයි.

එම භූකම්පනය ඇති වුවහොත් ජපානයට සූනාමි තත්ත්වයක් ඇති විය හැකි බවත් ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය හැකි බවත් අදාළ වාර්තා සඳහන් කරනවා.

එමෙන්ම, භූකම්පනය හේතුවෙන් ජපානයේ ආර්ථිකයට විය හැකි පාඩුව ඩොලර් ට්‍රිලියන 1.81ක් පමණ අගයක් ගෙන තිබෙනවා.

2012-2013 වසරවලදී  නන්කායි ඇතිවිය හැකි වේ යැයි සැකකරන ලද භූමි කම්පාවකින්  323,000 ක් පමණ පිරිසක් මිය යනු ඇති බවට මින් පෙර ජපානය අනුමාන කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

කෝටි 10ක් වංචා කළ හිටපු කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක්  වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක්ෂක...

පනත ගේන්න අත උස්සපු මට දැම්මා නඩු -චාමර

අල්ලස් දූෂණ පනත ගේන්න ඡන්ද දීපු කෙනෙකු ලෙස‍ෙ පළවෙනියට නඩු තුනක් දමා තිබෙන්නේ තමාට බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ඔහු මේ බව...

Breaking: දේශබන්දු ඉවත් කරන්න කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.  එම යෝජනාව ජාතික ජන බලවේගයේ...

POPULAR ARTICLES