29.6 C
Colombo
Monday, April 14, 2025

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණයක්

- Advertisement -

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති, ලලිත් ධර්මසේකර මහතා අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“පෙට්‍රල් ලීටරයෙන්ම රු 10යි අඩුවෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ලීටරයෙන් කිලෝමීටර් 20ක් වගේ ධාවනය කරන්නේ. එතකොට ශත 5ක් අපි තියාගන්නේ නැතුව රු 10 ම දුන්නත් කිලෝමීටරයකට ශත 50යි අඩු කරන්න පුළුවන්. ඕක ප්‍රායෝගික නෑනේ. මේ වෙද්දිත් ගාස්තු නිර්ණයක් නැතුව හිතූ හිතූ ගණන් අයකරන ත්‍රිරෝද රථ ලංකාව පුරාම තියෙනවා. ඒ නිසා ශත 50ක් රු 10ක් අඩු කරත් උත්තරය ඒක නෙමෙයි. වඩාත් ඵලදායි විශ්වාසවන්ත ත්‍රිරෝද රථ සේවයක් ඇති කිරීම තමා අපේ පළමු අරමුණ. මේ රු 10ක් අඩු කිරීම තුළින් ත්‍රිරෝද රථ ගාස්තුව අඩුකිරීමක් සිද්ධ වෙන්නේ නෑ.”

RECENT ARTICLES - SINHALA

කන්තලේ බස් රථයක් ගැටී අනතුරක් – අයෙක් මරුට

අග්බෝපුර පොලිස් වසමේ කන්තලේ - ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේදී අනතුරක් සිදුව තිබෙනවා. අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පසුපසින් එම දිශාවටම ධාවනය...

මාර්තුවේ සංචාරක ආදායම වැඩිවෙලා

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම මාර්තු මාසයේදී මිලියන 354 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ, එය පසුගිය වසරේ...

අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට

මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත...

POPULAR ARTICLES

කන්තලේ බස් රථයක් ගැටී අනතුරක් – අයෙක් මරුට

අග්බෝපුර පොලිස් වසමේ කන්තලේ - ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේදී අනතුරක් සිදුව තිබෙනවා. අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පසුපසින් එම දිශාවටම ධාවනය...

මාර්තුවේ සංචාරක ආදායම වැඩිවෙලා

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම මාර්තු මාසයේදී මිලියන 354 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ, එය පසුගිය වසරේ...

චීනය භාණ්ඩ වර්ග කිහිපයක් අපනයනය කිරීම නවතයි

චීනය විසින් ලෝහ වර්ග, කාන්දම්, ඛනිජ සහ තවත් දුර්ලභ ද්‍රව්‍ය කිහිපයක් අපනයනය කිරීම තාවකාලිකව නවතා දමා ඇති බව ‘නිව් යෝර්ක් ටයිම්ස්’ වාර්තා කරනවා. ඒ, එක්සත් ජනපදය...