28.4 C
Colombo
Thursday, April 10, 2025

අවුරුද්දට විකාර එපා – නියෝජ්‍ය ඇමති

- Advertisement -

අවුරුදු උත්සවවලදී සංස්කෘතියට නොගැළපෙන අංග එකතු කිරීමෙන් වැළකී සිටින ලෙස බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා උත්සව සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු පවසන්නේ, විනෝදය පිණිස අසභ්‍ය අංග එකතු කිරීම තුළ සම්පූර්ණයෙන්ම හානි වන්නේ සිංහල, දෙමළ සංස්කෘතිය බවත් බිම් මට්ටමින් සෑම අවුරුදු උත්සවයක්ම නිරීක්ෂණය කළ නොහැකි නිසා අවබෝධය මත සංවිධායකයන් ක්‍රියා කළ යුතු බවයි.

මේ අතර, එවැනි අසංස්කෘතික අංග එකතු කිරීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කොයිතරම් දුරට වලංගුදැයි සොයා බලන බවද ගමගෙදර දිසානායක මහතා පවසනවා.

මෙම ඉල්ලීම් නොතකා අත්තනෝමතිකව යම් කිසි අවුරුදු උත්සවයක් සංවිධානය වන්නේ නම් නීතිමය රාමුව තුළ ක්‍රියාකළ හැකි ආකාරය පිළිබඳ සොයාබලන බව අවධාරණය කළ නියෝජ්‍ය ඇමතිවරයා සංස්කෘතික අංග රැකෙන පරිදි අවුරුදු උත්සව සංවිධානයට ජන මාධ්‍ය, සමාජ මාධ්‍යය, සංස්කෘතික නිලධාරීන්, බෞද්ධ කටයුතු සමායෝජකයන් හරහා පෙළඹවීම් කළ යුතු බව ද ඔහු කියා සිටියා.

මේ අතර, අවුරුදු නැකැත් සැකසීමේදී ලබන වසරේ සිට රාජ්‍ය නැකැත් කමිටුවට අමතරව දිවයිනේ සෙසු ජ්‍යොතිර්වේදීන්වද සහභාගී කර ගන්නා බවත් අවුරුදු නැකැත් සම්බන්ධව විවිධ පාර්ශ්වවල විවේචන වළක්වා ගැනීමේ අරමුණින් මෙසේ නැකැත් කමිටුවෙන් පරිබාහිර ජ්‍යොතිර්වේදීන්වද සහභාගී කරගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මෙවර සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළත් නැකැත් මේ වන විටත් සකසා ඇති බවත් නැකැත් සැකසීම සඳහා ඇතැම් ජ්‍යොතිර්වේදීන් සම්බන්ධ නොකර ගැනීම, යම් පාර්ශ්වයක් සකසන ලද ඒවාට අනුගත වීමට ඔවුන් එකඟ නොවීම යන කරුණු මත කමිටුවෙන් පරිබාහිර ජ්‍යොතිර්වේදීන් අතර සැක මතුවීම වළක්වා ගැනීමට මෙම වැඩපිළිවෙළ ඉවහල් වන බවත් අමාත්‍යවරයා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජ්‍යොතිර්වේදීන් සමග මේ පිළිබඳ පසුගිය කාලයේදී සාකච්ඡා සිදුකළ බව ත් ඉන්පසු විරෝධතාවක් ඇති නොවුණු බවයි.

RECENT ARTICLES - SINHALA

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

දේශබන්දු අද යළි අධිකරණයට

වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට...

බටලන්ද වාර්තාව ගැන විවාදය අද

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ...

POPULAR ARTICLES