ජුලි මාසයේදී බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
අද (01) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ එළඹෙන සිංහල අලුත් අවුරුද්දේ ඩීසල් මිල අඩු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.
ගැමුණු විජේරත්න මෙහිදී තවදුරටත් පවසා සිටියේ, මේ වන විටත් රුපියල් 03 ක පාඩුවකින් බස් රථ ධාවනය කරන බවයි.
“වග කීමෙන් මම කියන්නේ තව මාස දෙකයි අපිට තියෙන්නේ. විශේෂයෙන්ම ජූලි, ජුනි, අප්‍රේල් අග වෙනකොට වාර්ෂික බස් ගාස්තුව වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අඩු වීම කෙසේ වෙතත්, අනිවාර්යයෙන්ම ජුලි මාසේ බස් ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා ඉතින් අපි මේක අවධානම පහු ගිය දැන් සති දෙකකට පෙර ප්‍රවාහන අමාත්‍යංශයේ අමාත්‍යවරයා එක්ක අපි සාකච්ඡා කළා. අපි මේක සෘජුව දැනුම් දුන්නා. ඔහුට කෙසේ වෙතත් ජුලි මාසය වෙනකොට මේ බස් ගාස්තු වැඩි වීමකට අපිට යන්න සිද්ධ වෙනවා.
අපි අඩු කරනවා තමයි. ඒක ප්‍රතිපත්තිමය විදිහට අපි කියන්නේ, බලාපොරොත්තු වෙන්න ඊළඟ මාස දෙක ඇතුළතබස් ගාස්තු වැඩි වීමක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා කියලා මොකද ඒකට හේතුව තමයි අපි දිගින් දිගටම කිව්වා, බස් රථ වලට වැට් ආදේශ කරලා තියෙනවා, බස් රථයේ මිල වැඩිවෙලා තියෙනවා කියලා, ඉතින් ඒකත් එක්ක අනිත් සාපේක්ෂව සියලුම පිරිවැයන් වැඩිවෙලා තියෙනවා ඉතින් ඒ නිසා, ඒ කරුණු දොළහක් පදනම් කරගෙන, අපිට මේ වාර්ෂික බස් ගාස්තුවට යන්න සිද්ධ වෙනවා.”