28.6 C
Colombo
Monday, April 14, 2025

චාමර සම්පත් යළි රිමාන්ඩ්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

නඩු තුනක් සම්බන්ධව පසුගිය 27 වැනිදා අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ  මන්ත්‍රීවරයා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව ඔහුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඒ 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධවයි.

ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසම විසින් අධිකරණයේදී කරුණු දක්වනු ලැබුවා.

එහිදී එම කරුණු පිළිගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන දැනුම්දිමක්

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත්...

Tiktok කලාත්මාගෙන් නිවේදනයක්

tiktok සමාජ මාධ්‍යයෙන් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ කලාත්මා හිටි හාමිගේ යන තරුණිය විසින් ඇයගේ ඡායාරූපයක් සමඟ පළ කර තිබූ වීඩියෝවක් හේතුවෙන් පසුගියදා රාත්‍රියේදී සමාජ...

දළදා ප්‍රදර්ශනේට යනවනම් මේ ගැන දැනගෙන යන්න

සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනා ගැනීමට හැකිවන පරිදි ස්ටිකරයක් හඳුන්වාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. සිරි දළදා දැක්ම...

POPULAR ARTICLES

ලෝක කොටස් වෙළඳපළේ වෙනසක්

ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා තිබූ තීරුබදු ප්‍රතිපත්ති කිහිපයක් ඉවත් කිරීමෙන් පසුව යළිත් ලෝක වෙළඳපලේ කොටස් වෙළඳපල ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, ජපානයේ නිකේයි...

ෂී ජින් පින් වියට්නාමය ට

අග්නිදිග ආසියානු ආර්ථිකයන් සමග සබඳතා ශත්කිමත් කර ගැනීමේ අරමුණින් චීන ජනාධිපති ෂී ජින් පින් වියට්නාමයේ සංචාරයක නිරතව තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු හේතුවෙන්...

Tiktok කලාත්මාගෙන් නිවේදනයක්

tiktok සමාජ මාධ්‍යයෙන් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ කලාත්මා හිටි හාමිගේ යන තරුණිය විසින් ඇයගේ ඡායාරූපයක් සමඟ පළ කර තිබූ වීඩියෝවක් හේතුවෙන් පසුගියදා රාත්‍රියේදී සමාජ...