27.2 C
Colombo
Friday, April 11, 2025

නයිට් ක්ලබ් සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාට ඇප

- Advertisement -

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 4 දෙනා අද (01) ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කර තිබෙනවා.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශයට සැකකරුවන් භාර වීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර අද සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සදහා යොමු කෙරුණා.

කොටුව මහේස්ත්‍රාත්වරියගේ ආරාධනයෙන් නිල නොලත් මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පෙරට්ටුව පැවැති අතර එහිදී රුපියල් ලක්ෂ දෙකක් ශරීර ඇප මත ඔවුන් මුදා හැර තිබෙනවා.

මෙම සිද්ධිය සිදුවී කාලයක් ගතව තිබීම හේතුවෙන් ඔවුන් අප මත මුදා හරින ලෙස නීතිඥවරුන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන් අප මත මුදාහැර ලෙස නියෝග කරනු ලැබුවා.

පසුගියදා ඇතිවූ එම ගැටුම සම්බන්ධයෙන් ඉකුත් 25 වනදා යෝෂිත රාජපක්ෂ පැය 3කට ආසන්න කාලයක් කොම්පඤ්ඤ වීදිය පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

රාජගිරියේදී ඉන්දීය ජාතිකයන් 22ක් අත්අඩංගුවට

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද...

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

අප්‍රේල් මස එළැඹෙන 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව...

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

POPULAR ARTICLES