27 C
Colombo
Monday, April 7, 2025

“ජාතික උත්සව අවභාවිත කරන අයට ඡන්දෙ දෙන්නෙ බලාගෙන”

- Advertisement -

අලුත් අවුරුදු උත්සව ආදී දෑ සංවිධානය කිරීමේදී, ඒවා අවභාවිත නොකිරීමට දේශපාලඥයින් වග බලා ගත යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු පවසා සිටියේ සංස්කෘතික, ආගමික සහ ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් සහිත සැමරුම් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත නොකරන බවට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල බලධාරීන් වග බලා ගත යුතු බවයි.

සංස්කෘතික වටිනාකමක් සහිත අවුරුදු උත්සව වැනි දෑට ආධාර කිරීමට ඕනෑම අයෙකුට හැකියාව පැවතුණත් එවැනි උත්සව මඟින් තමාව ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන අපේක්ෂකයින්ට ඡන්දය ලබා දීමේදී ජනතාවද සැලකිලිමත් විය යුතු බව සමන් ශ්‍රී රත්නායක මහතා තවදුරටත් සඳහන් කළා.

“අනවශ්‍ය දේශපාලන ප්‍රචාරයක් නොදී මේවා සංවිධාන කරන්න ඕන, පැහැදිලිව මේ අවුරුදු උත්සව සංවිධානය කරන අය බබාලත් නෙමෙයි…කම්කරු දිනය එනවා, සිංහල හින්දු අලුත් අවුරුද්ද එනව ඊළඟට ආගමික උත්සවයක් එනවා , මේවා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත නොකරන්න දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල බලධාරීන් තේරුම් ගත යුතුයි.”

RECENT ARTICLES - SINHALA

කොට උඩ ගිය ජල ව්‍යාපෘතිවලින් ලක්ෂ 59ක පාඩුවක්

කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරිම සදහා...

නාමල් CIDයට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

දුරගමන් සේවා බස් රථවලින් ඉල්ලිමක්

දුරගමන් සේවා මගී ප්‍රවාහන බස් රථ සඳහා ආහාර පහසුකම් සපයන ආපනශාලාවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ යුතු බව බස් සංගම් පවසනවා. ඔවුන් පෙන්වා...

POPULAR ARTICLES