27 C
Colombo
Monday, April 7, 2025

ඉන්ධන මිල තවත් අඩු කරන්න බැහැ-ඇමති ක්‍රිෂාන්ත

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් අඩු කළ නොහැකි බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසනවා.

අද (01) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“ඉන්ධන මිල අඩු කරන්න අපිත් කැමතියි. ඒත් ඒක මේවෙලාවේ කරන්න විදිහක් නෑ. මොකද අපි තාම ඉන්නේ IMF කොන්දේසිත් එක්ක. අපේ ආදායම සහ වියදම සොයා බැලීමක් කරන්න වෙනවා. රජයට අදායමක් තියෙන්න ඕන එක පාරම අඩු කරන්න අමාරුයි. අපිට පුනර්ජනනීය බලශක්ති පැත්තට යන්න වෙනවා. ඒක හින්දා තමයි ඉන්දීය අගමැතිවරයා මෙහාට ආවාම පුනර්ජනනීය බලශක්තිය පැත්තෙන් තමයි ගිවිසුම්වලට යන්නේ. එහෙම ගිහින් තමයි අපිට විදුලි බිල අඩු කරන්න වෙන්නේ. ඉන්ධන එක්කත් අපිට ගැලපීමක් කරන්න තියෙනවා. ඒක IMF එකත් දන්නවා. අපිට එකපාරටම එතැනට යන්න බැහැ. ඒත් ආණ්ඩුව ආවට පස්සේ අපි ගොඩක් ඉන්ධන මිල අඩු කරලා තියෙනවා. මේපාර රුපියල් 10කින් අඩු කළාට මීට ඉස්සෙල්ලාත් ආණ්ඩුව විවිද ප්‍රමාණවලින් මිල අඩු කරලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

මෝදිගේ මෙරට සංචාරය අතරතුර ඉන්දීය ධීවරයින් 14කට නිදහස

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබෙනවා. පසුගිය 05 වනදා ඉන්දීය අගමැති මෝදි...

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලට හර්ෂගෙන් යෝජනාවක්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රශ්නයෙන් ගොඩ යෑම සඳහා ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Corporation economic partnership – RCEP ) වෙත ඇතුළත් විය යුතු බව...

තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑලට

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති...

POPULAR ARTICLES

මෝදිගේ මෙරට සංචාරය අතරතුර ඉන්දීය ධීවරයින් 14කට නිදහස

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබෙනවා. පසුගිය 05 වනදා ඉන්දීය අගමැති මෝදි...

සෞදි අරාබියෙන් තාවකාලික වීසා තහනමක්

සෞදි අරාබිය බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ...