27 C
Colombo
Monday, April 7, 2025

පොලිස් නිලධාරීන්ට පහර දෙන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්

- Advertisement -

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ත්‍රිකුණාමලයේදී තරුණයින් පිරිසක් විසින් නිල ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ ඊයේ (31) දින නිලාවේලි ප්‍රදේශයේ රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිය රාජකාරි කිරීමට ඉඩ නොදී 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විසින් පහර දී ඇති බවයි.

මේ වන විට මෙම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අනෙකුත් සැකකරුවන් ප්‍රදේශය හැර පළා ගොස් සිටින නමුත් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන බවයි.

පොලිස් නිලධාරීන්ගේ නීත්‍යානුකූල රාජකාරියට බාධා කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතළ සිර දඬුවම් හිමි වන වරදක් බවත්, ඉදිරියේදී කිසිවෙකු හෝ මෙවැනි බලපෑම් සිදු කල හොස් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලට හර්ෂගෙන් යෝජනාවක්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රශ්නයෙන් ගොඩ යෑම සඳහා ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (Regional Corporation economic partnership – RCEP ) වෙත ඇතුළත් විය යුතු බව...

තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපෑලට

පළාත් පාලන ආයතන 114කට අයත් තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට් තැපැල් දෙපාර්තමේන්තුවට අද (07) දිනයේ භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති...

හවසට මි.මී 100ට වැඩි තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන...

POPULAR ARTICLES

සෞදි අරාබියෙන් තාවකාලික වීසා තහනමක්

සෞදි අරාබිය බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ...