28 C
Colombo
Thursday, April 10, 2025

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ සිටින පිරිස් වෙත රක්ෂණයක්

- Advertisement -

මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය පවසන්නේ අනුව එම කර්මාන්තවල නියැලී සිටින කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදී මෙම හදිසි අනතුරු ජීවිත රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙන බවයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් 500,000/- රුපියල්, 1,000,000 සහ රුපියල් 2,000,000 යන රක්ෂිත ආවරණ, මරණයකදී සහ පූර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවා.

එමෙන්ම තාවකාලික අකර්මණ්‍යතාවලදී මෙන්ම හදිසි අනතුරු මගින් රෝහල් ගත වීමේදී මෙම රක්ෂණාවරණ ලබා දෙන බවද එම මණ්ඩලය පවසනවා.

රක්ෂණ ආවරණය රුපියල් 2,000/-, 4,000/-, 8,000/- වැනි සුළු වාර්ෂික වාරික මට්ටම් යටතේ මෙම රක්ෂණ හිමිකම සඳහා දායකවීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. 

RECENT ARTICLES - SINHALA

දැඩි නීති මාලාවක් යටතේ විවෘත වන උතුරේ පාර

පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් - පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන්ගේ සහ...

දේශබන්දු අද යළි අධිකරණයට

වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට...

බටලන්ද වාර්තාව ගැන විවාදය අද

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ...

POPULAR ARTICLES