27.6 C
Colombo
Sunday, April 13, 2025

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්

- Advertisement -

සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයට අයත් ව්‍යාපෘති 77කට අදාළව රු 71,645,226.32ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ මහේෂ් පීරිස් මහතා හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු නියෝග කළේ, එම ප්‍රදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියෙකු, ලිපිකරුවෙකු, සහ ලේකම්වරයෙකු මේ මස 08 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ, වයි.එම්.පී බණ්ඩාර නැමති හිටපු තාක්ෂණ නිලධාරියෙකු, සිංගප්පුලි ආරච්චිගේ චින්තක කුමාර නැමති හිටපු ලේකම්වරයෙකු මෙන්ම අමල් තුෂාර විතාරණගේ නැමති හිටපු ලිපිකරුවෙකු බව පැවසුවා.

තාක්ෂණ නිලධාරියා සහ හිටපු ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අතර හිටපු විෂය ලිපිකරුවා අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් තිබුණා.

2017 සහ 2016 වර්ෂවල ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ව්‍යාපෘති ‍ හැත්ත හතකට අදාළව රු 71,645,226.32 මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් 2023 වර්ෂයේදී එවකට සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් බමුණු ආරච්චිගේ චාමර ප්‍රේමණාත් යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

මෙම ව්‍යාපෘති 77න් පහළොවක් සිදුකර නොමැති බව අධිකරණය හමුවේ හෙළිව තිබුණා.

මාර්ග හා ක්‍රීඩා පිටිය ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙම වංචාවන් සිදුව ඇති අතර අපරාධ සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකරන බව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...