27.3 C
Colombo
Wednesday, April 9, 2025

‍ 2017 හදනකොට නරකයි, 2025 හදනකොට හොඳයි-අත්තනායක

- Advertisement -

සාම්පූර් බලාගාරය පසුගිය 2017දී සෑදීමට ගිය අවස්ථාවේදී ජාතික ජනබලවේග නායකයන් කඩාකප්පල් කර, විරෝධතා දක්වමින් පෙළපාලි ගිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඒ කොළඹ සමගි ජන බලවේග කාර්යාලයේදී ඊයේ (01) පැවති සාකච්ඡාවකදීයි.

සාම්පූර් ඉදිකරන්නට එදා ඉඩ දුන්නා නම් අද රටේ විදුලි බල අර්බුදයට විසඳුම ලැබෙන්නට තිබූ බව තිස්ස අත්තනායක මහතා පවසනවා.

ජාතික ව්‍යාපෘති කඩාකප්පල් කළ නායකයන් මෝදි අගමැති ගෙන්වා ඒ ව්‍යාපෘතිය ම එම ස්ථානයේදී ම ආරම්භ කරන බව පැවසිම සියයට 360කින් කණපිට හැරවීමක් බව ඔහු මෙහිදී කියා සිටියා.

ජාතික ව්‍යාපෘති, ආයෝජන, ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කළ npp නායකයන් අද බලය ලබාගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව කීම දෛවෝපගත නමුත් එවක ව්‍යාපෘති කඩාකප්පල් කිරීම හේතුවෙන් රට ආපස්සට ගොස් ඇති බවයි අත්තනායක මහතා කියා සිටියේ.

අපේ රටේ ජාතික සම්පත් ඉන්දියා- ලංකා සමාගමක් හදා විකුණා දැමීමට උත්සාහ කරන බැවින් ඊට ඉඩ නොදෙන බව ටිල්වින් සිල්වා මහතා පැවසු බවත්ජේ .ආර්. ජයවර්ධන සමයේ නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කරන විට රෝහණ විජේවීර පෙළපාලි ගිය බව ඔහු අවධාරණය කළා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි හා ඉන්දියාව හා ලංකාව අතර ඉදිකිරීමට යෝජිත තෙල් නළ පද්ධතිය ගැන පුදුම හිතෙන විවේචනයන් එන්.පී.පී නායකයන් කළ බව පැවසු ඔහු ත්‍රිකුණාමලය තෙල් ටැංකි මීට අවුරුදු 20කට 30කට පෙර ප්‍රයෝජනයට ගැනීමට තිබූ අවස්ථාව ඔවුන් නැති කළ බව සඳහන් කළා.

අත්තනායක මහතා කියා සිටියේ ජේ.වී.පී නායකයන් හා කණ්ඩායම එය සිදුකර වැරදි මත රටට යැවූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කල් ගිහින් හෝ යථාර්ථයට පැමිණීම හොඳ බවයි.

එසේ ම, ජනතාව රැවැට්ටුවා කියා ජනතාවට කෙළින් කිවයුතු බවත් අත්තනායක මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...

හික්කඩුවේ වෙඩිතැබීමට සැකකරුවෙක් අත්අඩංගුවට

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට වෙඩිතබා එහි පිරිමි පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පවසන්නේ, පසුගිය 03 වනදා රාත්‍රියේ මාර්ගය අසල...

POPULAR ARTICLES

වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියළුම...

ඇමෙරිකන් බිස්නස් රකිනවා – චීනයෙන් පොරොන්දුවක්

ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා. චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා...

කුරුණෑගල ඉන්ධන පිරවුම්හලේ පිපිරීම ගැන විමර්ශන

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා. එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි...