29.7 C
Colombo
Tuesday, April 15, 2025

සෙව්වන්දි අල්ලන්න ගිහින් වෙන කෙනෙක්ව අල්ලලා

- Advertisement -

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (01) සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, එහිදී ඇයගේ රුවට බොහෙවින් සමාන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සමඟ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි.

ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද සොයාගත් බව පොලිසිය සදහන් කළා.

කෙසේ වෙතත් ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි මේ වනතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැහැ.

පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කළ අතර වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ප්‍රධාන සැකකාරිය වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති කාන්තාව ආධාර අනුබල ලබාදී තිබුණා.

වෙඩි තැබීම සිදුකළ දිනයේ සිට මේ වන තෙක් ඇය සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොමැති බැවින් සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.

තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක –

අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727

ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735

එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බවද දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කාමරයක සිරකල දරුවෙකු බිමට පැනීම ගැන තවත් තොරතුරු

කෙසෙල්වත්ත, පීර්සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට...

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (15) ව්‍යාජ විදෙස්...

චතුරංගට අපහාස කරලා – CCIDයට පැමිණිල්ලක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාට සමාජ මාධ්‍යවලින් අපහාස සිදු කර ඇතැයි පවසමින් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක්...

POPULAR ARTICLES

කාමරයක සිරකල දරුවෙකු බිමට පැනීම ගැන තවත් තොරතුරු

කෙසෙල්වත්ත, පීර්සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැලක් වෙත පසුගිය 13 වනදා දහවල් කාලයේ යමින් සිටි කුඩා දරුවන් කණ්ඩායමක එක් දරුවෙකු අසල වූ තෙමහල් නිවසක යකඩ ගේට්ටුවකට...

බූස්ස හිටපු අධිකාරී ඝාතනය: ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (15) ව්‍යාජ විදෙස්...

අවුරුදු අනතුරුවල අඩුවක්

පසුගිය උත්සව සමයේදී සිදුවූ විවිධ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ...