28.2 C
Colombo
Wednesday, April 9, 2025

Clean Sri Lanka: සීගිරියට එන සංචාරකයින්ට පොදු වැසිකිලි පද්ධතියක්

- Advertisement -

සීගිරිය හෝටල් හන්දියේ දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව පිණිස නවීන පහසුකම් සහිත පොදු වැසිකිලි පද්ධතියක් ස්ථාපිත කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, Clean Sri Lanka වැඩසටහන යටතේයි.

නාගරික සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නිලන්ත පරණගම මහතා පවසන්නේ, , Clean Sri Lanka වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශවල පොදු සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 350ක මුදලක් වෙන් වී ඇති බවයි.

මෙම ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කය සඳහා  රු. මිලියන 30ක මුදලක් වෙන්ව තිබෙන බවත් ඒ යටතේ දඹුල්ල මහ රෝහල ඉදිරිපිට පොදු වැසිකිලි පද්ධිතිය නවීකරණය කිරීමට රු. මිලියන 10ක් ද සීගිරිය හෝටල් හන්දියේ දෙස් විදදෙස් සංචාරකයින්ගේ පහසුව පිණිස නවීන පහසුකම් සහිත පොදු වැසිකිලි පද්ධතියක් ස්ථාපිත කිරීමට රු. මි. 20ක මුදලක් වෙන්ව ඇති බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනමතය කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ – තිස්ස අත්තනායක

පළාත් පාලන ඡන්දයේදී සමහර පළාත්වල මැතිවරණය කල් යෑම ඉතා බරපතල තත්වයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

මෝදි හමු වු නාමල්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවි තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන "භාරතයේ පිබිදීම" සමුළුව සමුළුවට...

මැතිවරණ කොමිසමෙන් රජයේ නිලධාරීන්ට උපදෙසක්

පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්....

POPULAR ARTICLES