29 C
Colombo
Friday, April 18, 2025

Breaking: එස්. එම්. රංජිත්ට වසර 16ක සිරදඬුවමක්

- Advertisement -

උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ, අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සම්බන්ධයෙන් වරදරකරුවන් බවට පත්වීමෙන් අනතුරුවයි.

 එස්.එම්.රංජිත් මහතා, උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණා.

අල්ලස් කොමිසම මගින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු  කළේ, චෝදනා 6ක් යටතේයි.

2012 හා 2014 කාලය අතරතුර එස්. එම්. රංජිත් සමරකෝන් මහතා උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාවරයා ලෙස කටයුතු කරමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාභයක් ලබාදීමට කටයුතු කිරීම, ඉන්ධන දීමනාවක් වැටුප සමඟ ලබා දී තිබියදී ඉන්ධන ඇණවුම්පත් මඟින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ලබා දීම සහ එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙලඹවීම ඇතුළු චෝදනා ඔවුන්ට එරෙහිව ගොනු කර තිබුණා.

ඒ අනුව, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා සිය තීන්දුව ලබා දෙමින් පැවසූවේ, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

ඒ අනුව අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නම් වරද සිදු කිරීමට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් කරමින් මහාධිකරණ විනිසුරුවරයා දඩුවම් නියෝග නිකුත් කළා.

එස්.එම්. රංජිත් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ සහෝදරයා වන අතර, ශාන්තිනි චන්ද්‍රසේන යනු එස්.එම්. චන්ද්‍රසේනගේ මහතාගේ බිරිඳයි.

ඇය 2012 සිට 2014 දක්වා උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය රංජිත්ගේ ධුර කාලය තුළ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

දළදා ප්‍රදර්ශනය නිසා දැඩි මාර්ග තදබදයක්

0
'සිරි දළදා වන්දනාව' දළදා දැක්ම දැකබලාගැනීමට මහනුවරට පැමිණෙන අධික වාහන සංඛ්‍යාව නිසාවෙන් මේ වන විට මහනුවර - කොළඹ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. අප...

දළදා වන්දනාවට එන බැතිමතුන්ට විශේෂ දුම්රිය සේවා

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 28 දක්වා...

බලපිටිය වෙඩිතැබීම: වෙඩිවැදුණු කෙනාම පොලීසි ඇවිත්

අහුංගල්ල ප්‍රදේශයේ ඊයේ (17) සිදු කළ  වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. අහුන්ගල්ල පොලිස් වසමේ බළපිටිය , රේවත ප්‍රාථමික විද්‍යාලය...

POPULAR ARTICLES

දළදා ප්‍රදර්ශනය නිසා දැඩි මාර්ග තදබදයක්

0
'සිරි දළදා වන්දනාව' දළදා දැක්ම දැකබලාගැනීමට මහනුවරට පැමිණෙන අධික වාහන සංඛ්‍යාව නිසාවෙන් මේ වන විට මහනුවර - කොළඹ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. අප...

දළදා වන්දනාවට එන බැතිමතුන්ට විශේෂ දුම්රිය සේවා

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 28 දක්වා...

සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට වන්දනාකරුවන්ට අවස්ථාව...