29.2 C
Colombo
Friday, April 11, 2025

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා

ඒ, අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් අද (02) යළි සලකා බැලූ අවස්ථාවේදීයි.

උප්පැන්න සහතිකවල මුල් පිටපත් සහිත නාම යෝජනා පත්‍ර යළි භාරගැනීමට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති වීමෙන් අනතුරුව නියෝගය මෙම නිකුත් කෙරුණා.

සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව සර්ව ජන බලය, පොදු ජන එක්සත් පෙරමුණ , සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා .

RECENT ARTICLES - SINHALA

රන් මිලෙහි ඉතිහාසගත වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ...

පාර්ලිමේන්තුවේදී හඬාවැටුණු ඇමති වටගල

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ (10) බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදයේ පළමු දින විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී හඬා වැටෙන අයුරු දක්නට ලැබුණා. ඒ බටලන්ද වධකාගාරයේදී...

දළදා මාළිඟාවටත් බෝම්බ ගහපු කට්ටියක් මේ ඉන්නේ – හර්ෂණ

ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම භාවිතා කර එතුමාට ප්‍රහාර එල්ල කිරීමට නාට්‍යයක් නිර්මාණය කළද, ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ...

POPULAR ARTICLES

රන් මිලෙහි ඉතිහාසගත වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ...

පාර්ලිමේන්තුවේදී හඬාවැටුණු ඇමති වටගල

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඊයේ (10) බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදයේ පළමු දින විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී හඬා වැටෙන අයුරු දක්නට ලැබුණා. ඒ බටලන්ද වධකාගාරයේදී...

චීනෙන් ඇමරිකාවට ප්‍රතිප්‍රහාර

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනයද අද (11) ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු...