29.2 C
Colombo
Friday, April 11, 2025

සිහිසුන්ව සිටි කාන්තාවක් ආයුධ සහ අයිස් සමඟ අත්අඩංගුවට

- Advertisement -

ටී-56 ගිනි අවියක්, මැගසින් 04 ක් සහ, පතරොම් 113 ක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 35 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර වයස අවුරුදු 40ක් ඇගේ සැමියායි.

වත්තල හැඳල ප්‍රදේශයේ ලැගුම්හලක් තුල කාන්තාවක් ගෙල වැළලාගෙන සිටින බවට සඳහන් තොරතුරක් මත අද (01)  උදෑසන වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී කාමරයක් තුල සිහිසුන්ව සිටි කාන්තාවක් හමුවී තිබුණා.

මඳ වේලාවකින් සිහි පැමිණි කාන්තාව පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100ක ප්‍රමාණයක් ඇය සන්තකයේ තිබී සොයාගැනීමට හැකිවීමෙන් ඇයව වැඩිදුර ප්‍රශ්න කිරීමට ලක්කර ඇති අතර එමගින් විදේශ ගතව සිටිමින් මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු සමග ඇයට සමීප සම්බන්ධතාවයක් ඇති  බව අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය තවදුරටත් සඳහන් කළේ වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී එම ජාවාරම්කරු මීට වසරකට පමණ ඉහතදී මැයට ලබාදුන් ටී-56 වර්ගයේ ගිනි අවියක් පිළිබඳවද තොරතුරු හෙළි වූ බවයි.

ඒ අනුව, පොලිස් නිලධාරීන් කණ්ඩායම ඇයගේ සැමියා පදිංචි හීන්කෙන්ද, රාගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී මුළුතැන්ගෙයි සඟවා තිබූ ටි-56 ගිනි අවිය, එම අවියට භාවිතාවන මැගසින් 04 ක්, පතරොම් 113 ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු සහ සැකකාරිය සම්බන්ධව වත්තල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

RECENT ARTICLES - SINHALA

අවුරුදු දවස්වල අල්ලස් කොමිසමට එන්න බැහැ – රනිල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් කොමිසම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා අද(11) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ අල්ලස් කොමිසමේ...

අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක...

ජාතික රෝහලේ විකිරණ පරීක්ෂණ සඳහා විකල්ප වැඩපිළිවෙළක්

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර 02 අක්‍රීය තත්ත්වයට පත්ව ඇති නමුත් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා රෝහල තුළ විකල්ප...

POPULAR ARTICLES